Saturday, May 4, 2024

General line - 0115112241

හෙට සිට ලංගම බස් සුපුරුදු පරිදි ධාවනයට

දිල්ශාන් තුෂාර




හෙට සිට ලංගම බස්රථ කාර්යක්ෂමව ධාවනය එක් කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාව යලිත් නගර වෙත රැගෙන ඒමටද අතිරේක බස්රථ යොදා ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. මේ ඒ පිළිබඳ කරුණු දක්වන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සමාන්‍ය අධිකාරී පී එච් ආර් ටී චන්ද්‍රසිරි.

මේ අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ජනක මල්ලිමාරච්චි සඳහන් කළේ කොළඹ සිට දුර ගමන් සේවා බස් රථද  අද දිනයේත් මගීන්ගේ අවශ්‍යතාවය පරිදි යොදවා තිබෙන බවයි. මගීන්ගේ පහසුව වෙනුවෙන් දුම්රිය කීහිපයක්ද ධාවනයට  එක් කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.