Friday, May 3, 2024

General line - 0115112241

ධීවර කටයුතු මුවාවෙන් කොරල්පර කඩලා - ජාවාරම්කරුවන් අත්අඩංගුවට




කල්ලාරු මුහුදු ප‍්‍රදේශයේදී කොරල්පර විනාශ කළ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසනවා.

ඒ, වයඹ නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත‍්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින්. ධීවර කටයුතු සිදු කරන මුවාවෙන් සැකකරුවන් ධිවර දැල් යොදා ගනිමින් කොරල්පර කඩමින් සිට තිබෙනවා. ඔවුන් සතුව තිබූ ඩිංගි යාත‍්‍රා 02 ක්, ධීවර දැලක් සහ තවත් උපකරණ තොගයක් සිය භාරයට ගත් බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා. 

සැකකරුවන් සහ අදාල ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම, ධිවර පරික්ෂක වෙත භාර දීමට නියමිතයි.   ධීවර කටයුතු මුවාවෙන් සිදු කරන මෙවැනි නීති විරෝධි ක‍්‍රියා හේතුවෙන් කොරල්පර සහ ගල්පර මෙන්ම මත්ස්‍ය අභිජනන ස්ථාන බහුල වශයෙන් විනාශ විමට ලක්වෙන බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා.