Friday, May 3, 2024

General line - 0115112241

කුසල් පෙරේරා සුවෙන්

තරංග රුක්ෂාන්




ආබාධයට ලක්ව සිටි කුසල් ජනිත් පෙරේරා එළඹෙන ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය සදහා සුදුසු යෝග්‍යතාවයකින් පසුවන බව ක‍්‍රිකට් ආරංචි මාර්ග පවසනවා. 

ශ‍්‍රී ලංකාව මෙම සතිය තුළ සිය ලෝක කුසලාන සංචිතය ප‍්‍රකාශයට පත්කිරීමට නියමිතයි. 

එළඹෙන ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලිය සදහා රටවල් 4 ක් මේ වන විට සිය සංචිත ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. බංග්ලාදේශයද අද සිය සංචිතය ප‍්‍රකාශයට පත්කළා. 

15 දෙනෙකුගෙන් යුත් බංග්ලාදේශ සංචිතය සදහා මෙතෙක් එක්දින වරම් දිනා නොගත් වේග පන්දු යවන ක‍්‍රීඩක අබු ජයෙඞ් කැදවීම විශේෂත්වයක්. බංග්ලාදේශයට අමතරව නවසීලන්තය, ඉන්දියාව හා  ඕස්ටේ‍්‍රලියාව සිය සංචිත මේ වන විටත් ප‍්‍රකාශයට පත්කර අවසන්. ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලිය මැයි 30 වැනිදා එංගලන්තයේදී ආරම්භ වනවා.