Friday, May 3, 2024

General line - 0115112241

අකුණු අනතුරින් ප්‍රවේශම් වන්න - අද දිනයේ පමණක් මරණ තුනක්

තරංග රුක්ෂාන්/ සජිත් තිලකරත්න




මේ දිනවල පවතින වැසි සමග ප‍්‍රබල අකුණු ඇතිවීමේ වැඩි ඉඩ කඩක් ඇතැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවසුවේ, අකුණු අනතුරු අවම කර ගැනීම සදහා සියලූ දෙනා පියවර ගතයුතු බවයි.

 

මේ දිනවල කෙටි කාලින තද වැසි ඇති විය හැකි බවයි මෙහිදි වැඩි දුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

මේ අතර යාපනය චුන්නාකම් කුප්පිලාන් දකුණ ප‍්‍රදේශයේදී අකුණු සැර වැදී කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු අද ජීවිතක්ෂයට පත් වුනා. වගා කටයුතු සදහා ගොස් ඇති ඔවුන් වර්ෂාව හේතුවෙන් අසල මඩුවක රැුදී සිටි අවස්ථාවේ මෙලෙස අකුණු සැරට ගොදුරු වී තිබුණා. අද පස්වරු 2 යි 30 ට පමණ අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූ කාන්තාවන් දෙදෙනා අවුරුදු 38 සහ 55 යන වයස්වල පසුවුනා.