Friday, May 3, 2024

General line - 0115112241

රවී හා සජිත් නිසා ඇතිව තිබෙනා එජාපයේ බෙදීමක් පිළිබඳ කතාබහක්

පවිත්‍රා මදුහර්ශනි/ සජිත් තිලකරත්න




එක්සත් ජාතික පක්ෂය තුළ බෙදීමක් නිර්මාණය වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන ක්ෂේත‍්‍රයේ කතා බහක් මතුව තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන ප‍්‍රකාශ කළේ, රවී කරුණානායක සහ සජිත් පේ‍්‍රමදාස යන අමාත්‍යවරුන් අතර මෙම බෙදීම ප‍්‍රධාන වශයෙන් දැකිය හැකි බවයි. 

සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතීම සදහා තංගල්ලේ නිවසට අද පැමිණි අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන, මෙම අදහස් පල කළා.

එක්සත් ජාතික පක්ෂය හා ආණ්ඩුව සම්බන්ධයෙන් පලවන වාර්තා පිළිබද කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා අද ප‍්‍රතිචාර දැක්වූවා. 

කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා මෙම අදහස් පලකළේ අද පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින්.