Friday, May 3, 2024

General line - 0115112241

"ලබන වසරේදී විදුලි බල පද්ධතියට අලුතෙන් මෙගා වොට් 120ක් - උමා ඔය අවසන් වූ පසු විදුලි බල පද්ධතිය ශක්තිමත්" - ඇමති රවී

පවිත්‍රා මධුහර්ෂනි




ලබන වසර මැදවන විට ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 120 ක ධාරිතාවක් එක් කිරීමට හැකිවනු ඇතැයි විෂය භාර අමාත්‍ය රවී කරුණානායක පවසනවා. 

උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමත් සමග ජාතික විදුලි බල පද්ධතිය තව දුරටත් ශක්තිමත් කිරීමට හැකි වනු ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

අමාත්‍ය රවී කරුණානායක මෙම අදහස් පල කළේ උමා ඔය බලාගාරයේ ඉදිකිරීම් නිරීක්ෂණය සදහා එක් වූ අවස්ථාවේදීයි.