Friday, May 3, 2024

General line - 0115112241

ලන්ඩන් නුවරදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකිකයන් කොටි සංවිධානයට සම්බන්ධ බවට තොරතුරු

ඩිල්ෂාන් මඩවල




එංගලන්තයේ ලන්ඩන් නුවර ලූටන් ගුවන් තොටුපළේදී ඉකුත් දා අත්අඩංගුවට ගෙන මුදා හැරුණු ශ‍්‍රී ලාංකිකයින් 04දෙනා එල් ටී ටී ඊ සංවිධානයට සම්බන්ධ බවට තොරතුරු වාර්තා වනවා. 

මේ ඒ සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ගෙන එන නෙත් නිවුස් ලන්ඩන් වාර්තාකරු ජනක අලහප්පෙරුම.

මෙම ශ‍්‍රී ලාංකිකයින් 04දෙනා අත්අඩංගුවට ගැනුණේ ත‍්‍රස්ත චෝදනා යටතේයි. පොලිස් සහ අපරාධ සාක්ෂි පනත යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව මෙට්‍රොපොලිටන් පොලීසිය පැවසුවා.

 ඔවුන් තහනම් සංවිධානයක සාමාජිකයින් ලෙස කටයුතු කරන බවට තොරතුරු ලැබී තිබුණු බවයි එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. පසුව ඔවුන් පොලිස් භාරයේ රඳවාගෙන විමර්ශන සිදු කෙරුණා.