Sunday, May 19, 2024

General line - 0115112241

අවසන් තීරණය ගන්නේ කවුදැයි මහින්ද යළිත් මතක් කරයි

සජිත් තිලකරත්න




මීළග ජනාධිපතිවරණයට ඉදිරිපත් කෙරෙන සිය අපේක්ෂකයා කවුරුන්දැයි අවසන් තීරණය ගන්නේ සාමාජික පක්ෂ සියල්ල සමග සාකච්ඡා කර බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ස්ථිර ලෙසම ජයගත හැකි අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. 

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අද (17) බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේදී හිසතෙල් ගෑමේ චාරිත‍්‍රය ඉටු කිරීමෙන් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසුවා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද මෙම අවස්ථාවට එක්ව සිටියා. 

ආණ්ඩුව පෙරළීමට කුමන්ත‍්‍රණ කිරීම අවශ්‍ය නොවන බවද, එහෙත් ආණ්ඩුව පෙරළා දැමීමට සෑම විටම තමන් සූදානමින් සිටින බව ද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියා.