Wednesday, May 15, 2024

General line - 0115112241

මධ්‍යම කදුකරයට තද වැසි

රංජිත් රාජපක්ෂ - හැටන්




මධ්‍යම කදුරයේ ජල පෝෂක ප‍්‍රදේශ වලට තද වැසි ලැබී තිබෙනවා.

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප‍්‍රදේශ වලට අද පස්වරුවේ අධික වර්ෂාපතනයක් පැවැති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

බගවන්තලාව, නොර්වුඞ්, මස්කෙලිය සහ හැටන් යන ප‍්‍රදේශ වලට ඇති වූ වර්ෂාවත් සමග හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ හැටන් මල්ලිඅප්පු ප‍්‍රදේශයේ ප‍්‍රධාන මාර්ගයේ කොටසක් ජලයෙන් යට වී තිබුණා.

මේ හේතුවෙන් එම මාර්ගයේ ධාවන කටයුතු පැය භාගයක පමණ කාලයක් ඇනහිට තිබූ බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.