Wednesday, May 15, 2024

General line - 0115112241

ඩුබායි සිට ආ මධූෂ්ගේ ඥාති සොහොයුරා ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

ලහිරු කපුගේ/සමන්ත කුමාර




ඩුබායි සිට පිටුවහල්කර අද අලූයම ශ‍්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගැනුණු මාකදුරේ මධූෂ්ගේ ඥාති සහෝදරයා ඇතුළු 6 දෙනාගෙන් පොලීසිය තව දුරටත් ප‍්‍රශ්න කරමින් සිටිනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසුවේ අත්අඩංගුවට ගෙන සිටින මාකදුරේ මධූෂ්ගේ ඥාති සහෝදරයා සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තු ලැබ සිටින අයෙකු බවයි. 
 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් බුද්ධි අංශයේ නිලධාරීන් විසින් සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කරන බවද, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවා.