Wednesday, May 15, 2024

General line - 0115112241

ලෝක කුසලානයට යන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දිමුත්ට

සමන්ත කුමාර/කසුන් කැළුම්




2019 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න පත්කර තිබෙනවා.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය  නිවේදනය කළේ, ඒ සදහා ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දුගේ අනුමැතිය හිමිව ඇති බවයි.

කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් ප‍්‍රකාශට  පත්කර නැහැ.