Wednesday, May 15, 2024

General line - 0115112241

ඩුබායි සිට පැමිණි මදූෂ්ගේ සගයන්ගෙන් ප්‍රශ්න කිරීම් තවදුරටත්

හේමන්ත කහවලගේ




ඩුබායි සිට පිටුවහල් කරනු ලැබ ඊයේ (18) අළුයම ශී‍්‍ර ලංකාවට පැමිණි අවස්ථාවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු වැඩිදුර විමර්ශන සදහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබෙනවා. 

ඒ, වයස අවුරුදු 22 ක් වන මොහොමඞ් අෆ්රිඩි මොහොමඞ් ඉන්හාම් යන අයයි. ඔහු කොළොන්නාව, සාලමුල්ල, ගමගේවත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බව විමර්ශනවලින් හෙළි වී තිබෙනවා. 

මෙම පුද්ගලයා ඩුබායි බලා පිටත්ව ගොස් ඇත්තේ ඉකුත් වසරේ ජනවාරි 7 වනදායි. ඔහු එලෙස ඩුබායි බලා පිටත්ව ගොස් ඇත්තේ සංචාරක වීසා මත බවද හෙළිව තිබෙනවා. මෙම පුද්ගලයා කුප‍්‍රකට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් නමැත්තාගේ බිරිදගේ සහෝදරියකගේ පුත‍්‍රයෙකු බවයි වැඩිදුරටත් හෙළිව ඇත්තේ. 

ඊයේ අත්අඩංගුවට ගැණුනු අනෙත් තැනැත්තා පියල් පුෂ්පකුමාර රාජපක්‍ෂ නමැත්තෙක්. ඔහු තවදුරටත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ රදවාගෙන ප‍්‍රශ්න කෙරෙනවා.