Wednesday, May 15, 2024

General line - 0115112241

කරාපිටිය රෝහලේ අපද්‍රව්‍ය ගොඩ ගැසේ

ලලිත් චාමින්ද / සජිත් තිලකරත්න




බැහැර කරන අපද්‍රව්‍ය ගොඩ ගැසීම නිසා කරාපිටිය ශීක්‍ෂණ රෝහලේ නැවත වරක් අර්බුදයක් නිර්මාණ වී තිබෙනවා. එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය පි‍්‍රයන්ත කරුණාරත්න පැවසුවේ පළාත් පාලන ආයතනය විසින් අපද්‍රව්‍ය රැගෙන නොයාම නිසා එම අපද්‍රව්‍ය රෝහල් පරීශ‍්‍රයේම මෙලෙස ගොඩගැසී ඇති බවයි.

රෝහල් පරිශ‍්‍රයේ මෙලෙස අපද්‍රව්‍ය ගොඩගැසීම දෛනික සේවාවන්ටද බාධාවක් බව මෙහිදී වැඩිදුරටත් විස්තර කෙරුණා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්ගෙන්ද විමසීමක් කළා. ඔහු පැවසුවේ කරාපිටිය ශීක්‍ෂණ රෝහලේ ඇති වී තිබෙන මෙම අර්බුදය කඩිනමින් විසදාලන බවයි.