Thursday, May 16, 2024

General line - 0115112241

මිනිසුන් වෙනස් වෙමින් පවතියි - ලංගමයේ කුණු දමා නොයන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්




බස් රථවල කැළිකසල දමා යාමෙන් වළකින්නැයි ශී‍්‍ර ලංකා ගමනා ගමන මණ්ඩලය මගීන්ගෙන් ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම උත්සව සමයන්හිදී මගීන් දමා යන කැළිකසල නිසා බස් රථ බොහෝසේ අපවිත‍්‍ර වන බවයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි - ධාවන, පී එච් ආර් ටී චන්ද්‍රසිරි පැවසුවේ. 

 

එහෙත් මෙවර සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද සමයේදී මගීන් පෙර වසරවලට වඩා විනීතව බස් රථවල ගමන් කළ බවද ඔහු පැවසුවා. ආපසු නගර කරා පැමිණීමේදීද මෙම යහපුරුද්ද පවත්වා ගන්නා ලෙසයි ඔහු මගීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ.

සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය පිරිස්වලට නැවත නගර වෙත පැමිණීම සදහා ද විශේෂ බස් සේවා කි‍්‍රයාත්මක බව මෙහිදී සිහිපත් කෙරුණා.