Friday, May 3, 2024

General line - 0115112241

උතුරේ දෙමළ බෞද්ධයන් තිස් හත් දහසකගේ ගැටලු ගැන අණාවරණයක්

හේමන්ත කහවලගේ




උතුරු පළාත තුළ දෙමළ බෞද්ධයන් තිස් හත්දහසක් පමණ ජීවත් වන බව තමන් සිදුකළ සොයා බැලීමකදී හෙලි වූ බව මහනුවර ජාත්‍යන්තර බෞද්ධ කේන්ද්‍රයේ අනුශාසක සිංහල දෙමළ මිත්‍රත්ව ව්‍යාපෘති අධ්‍යක්ෂක පූජ්‍ය ලක්ෂේගම ශ්‍රී විමලරතන හිමියන් පවසනවා. ඔවුන් ගැටලු ගණනාවකින් පීඩා විදින බවත් එම ගැටලු  විසදීමට මැදිහත්වන ලෙස රජයෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් උන්වහන්සේ කියා සිටියා. 

උතුරේ දෙමළ බෞද්ධයන්ගේ තවත් ගැටලු කිහිපයක් පිළිබදවද පූජ්‍ය ලක්ෂේගම ශ්‍රී විමලරතන හිමියන් කරුණු දැක්වූවා.

වැසිකිලි පහසුකම් නොමැති වීම ඔවුන් මුහුණ දී සිටින ප්‍රධාන  ගැටලුවක් බව පූජ්‍ය ලක්ෂේගම ශ්‍රී විමලරතන හිමියන් පෙන්වා දුන්නා. එම ගැටලු විසදා ගැනීම සදහා සහය දක්වන ලෙස සියලු පාර්ශව වලින් ඉල්ලා සිටින බවද මෙහිදි ප්‍රකාශ කෙරුණා.