Wednesday, May 22, 2024

General line - 0115112241

පිපිරීම් රැසක් මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවට සැක

හේමන්ත කහවලගේ




අද (21) සිදුවූ පිපිරීම්වලට අදාළව කෙරෙන විමර්ශන සම්බන්ධයෙන් නෙත් නිවුස් රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවෙන්ද විමසීමක් කළා. රජයේ රස පරීක්‍ෂක ඒ.වැලිඅංග පැවසුවේ ස්ථාන 8ක සිදුවූ පිපිරීම් 9න් 6ක්ම මරාගෙන මැරෙන ප්‍රහාර  බවයි. කොටහේන, කොච්චිකඬේ සහ කටුවාපිටිය යන දේවස්ථානවල සිදුවූ පිපිරීම් ඒ අතර වනවා.

සිනමන් ග්‍රෑන්ඞ් සහ ෂැන්ග්‍රිලා යන හෝටල්වල සිදුවූ පිපිරීම්ද මරාගෙන මැරෙන ප්‍රහාර බවටයි රජයේ රස පරීක්‍ෂකවරයා තහවුරු කළේ. දෙමටගොඩ සිදුවූ පිපිරීම් දෙකද මරාගෙන මැරෙන ප්‍රහාර බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.