Saturday, May 18, 2024

General line - 0115112241

ෂැන්ගි‍්‍රලා හෝටලයේ පුපුරා ගිය බෝම්බයේ නිෂ්පාදන සැලසුම සොයා ගෙන

හේමන්ත කහවලගේ




කොළඹ ෂැන්ගි‍්‍රලා හෝටලයේ පුපුරා ගිය බෝම්බයේ නිෂ්පාදන සැලසුම සොයා ගෙන තිබෙනවා.

ඒ, පානදුර පරත්ත ෂෙරීට් මාවතේ තිබූ නිවසේදීයි.

ෂැන්ගි‍්‍රලා හෝටලයේ පිපිරීමට සම්බන්ධ බෝම්බකරු කුලී පදනම මත පදිංචිව සිට ඇත්තේ මෙම නිවසේ බව මේ වනවිට අනාරවණ වී තිබෙනවා. බෝම්බයේ නිෂ්පාදන සැලසුමට අමතරව බෝම්බය සැකසීමට යොදා ගත් ද්‍රව්‍ය ඇතුළු අමුද්‍රව්‍ය තොගයක් ද නිවසේ තිබී සොයා ගෙන ඇති බවයි ප‍්‍රකාශ කෙරුණේ.

ඒ අතරට බෝම්බ නිෂ්පාදනයට යොදා ගන්නා යකඩ බෝල සහ බැටරි කිහිපයක්ද සොයා ගෙන තිබෙනවා. 

නෙත් නිවුස් මීට නොබෝ වේලාවකට පෙර සිදු කළ විමසීමකදී රජයේ රස පරික්ෂණ ඒ වැලිඅංගේ පැවසුවේ තමන් ඇතුළු කණ්ඩායමක් මේවනවිට අදාළ නිවස පරීක්ෂාවට ලක් කරමින් සිටින බවයි. 

මේ අතර ගිනිඅවි සමග බණ්ඩාරවෙලදී තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මෙම සිද්ධියට සම්බන්ධ දැයි සොයා තවදුරටත් විමර්ශන කි‍්‍රයාත්මකයි.