Wednesday, May 15, 2024

General line - 0115112241

ජනපතිගෙන් ආරක්ෂක ලේකම් හා පොලිස්පතිට චෝදනා

හේමන්ත කහවලගේ




අද (23) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබු කැබිනට් රැස්වීම අවලංගු වී ඇති බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. ජනාධිපතිවරයා අසනීප තත්වයෙන් පසුවන බැවින් කැබිනට් රැස්වීම මෙලෙස අවලංගු වී ඇති බවයි දේශපාලන ආරංචි පවසන්නේ. 

මේ අතර ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) රාත්‍රී කැබිනට් රැස්වීමක් පැවැත්වුණා. ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා ඔවුන්ගේ වගකීම් පැහැර හැර ඇති බවට ජනාධිපතිවරයා එහිදී චෝදනා මුඛයෙන් අදහස් දක්වා ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. ඉකුත් ඉරිදා සිදු වූ ප්‍රහාරවලට අදාළව කල් ඇතිව ලැබී තිබූ අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා හෝ පොලිස්පතිවරයා තමන්ව හෝ අග්‍රාමාත්‍යවරයාව දැනුවත් කර නොතිබීම බරපතල වරදක් බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. 

අමාත්‍යවරුන් බොහෝ දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඊයේ පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවැත් වූ මාධ්‍ය හමුව පිළිබඳව ද ජනාධිපතිවරයා විවේචනාත්මකව අදහස් දක්වා ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ. මෙම මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු කිහිපදෙනෙකුම ජනාධිපතිවරයාට චෝදනා නඟන පරිදි අදහස් දැක්වූවා.