Thursday, May 16, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවත් අවධානමක - කථානායක කියයි

සමන්ත කුමාර




අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීමක් අනුව කැඳවන ලද පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීම අද (23) පැවැත්වුණා. පළමුවෙන් අදහස් දැක්වූ කථානායක කරූ ජයසූරිය මහතා පැවසුවේ පාර්ලිමේන්තුව ද මේ වනවිට තර්ජනයට ලක්ව ඇති බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද පාර්ලිමේන්තුව අමතා කතා කළා. ඒ, විපක්ෂයේ ඇතැම් මත්ත්‍රීවරුන්ගෙන් විටින් විට සිදු වූ බාධා කිරීම් ද මධ්‍යයේයි.  

ඉකුත් ඉරිදා සිදු වූ ප්‍රහාර ගෝලීය ත්‍රස්තවාදයේ කොටසක් බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන ද පාර්ලිමේන්තුවේ දී අද අදහස් දැක්වූවා. 

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ මෙම අදහස් දැක්වීමෙන් පසු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව අමතා කතා කළා. 

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා.

මීට වසර කිහිපයකට පෙර එවකට අමාත්‍යවරයෙකු වූ ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ ද ඉකුත් ඉරිදා සිදු වූ ආකාරයේ ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ අනතුරු ඇඟවීමක් පාර්ලිමේන්තුවේදීම සිදු කළ බවද විපක්ෂ නායකවරයා මෙහිදී සිහිපත් කළා. පසුව ඒ බව තහවුරු කරමින් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ද පාර්ලිමේන්තුව ඇමතුවා. 

හදිසි නීති රෙගුලාසි ප්‍රකාශයට පත් කරමින් නිකුත් කෙරුණු ගැසට් නිවේදනය ද පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරුණා. ඒ පිළිබඳ විවාදය සඳහා පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10යි 30ට යළි රැස්වීමට නියමිතයි.