Thursday, May 16, 2024

General line - 0115112241

මරාගෙන මැරෙන බෝම්බකරුවන් හඳුනා ගැනේ

හේමන්ත කහවලගේ




ඉකුත් ඉරිදා සිදු වූ බෝම්බ පිපිරවීම් අතරින් ස්ථාන 06ක සිදු වූ පිපිරවීම් සිදු කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

මෙලෙස හඳුනාගෙන ඇත්තේ කොටහේන් කොච්චිකඬේ දේවස්ථානයේ, කටාන කටුවපිටිය දේවස්ථානයේ, ෂැංග්‍රිලා හෝටලයේ, සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේ, කිංග්ස්බරි හෝටලයේ සහ දෙහිවල තාවකාලික ලැඟුම්හලේ පිපිරවීම් සිදු කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන්.

ෂැංග්‍රිලා හෝටලයේ සිදු කළ පිපිරවීම සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු සහභාගී වී සිට තිබෙනවා. මෙම මරාගෙන මැරෙන බෝම්බකරුවන් හඳුනාගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කෙරෙන විමර්ශනවලදීයි.