Wednesday, May 15, 2024

General line - 0115112241

කඳානේ සැක කටයුතු නිවසකින් මත්ද්‍රව්‍ය සහ පතරොම් සොයා ගැනේ




කඳාන බටගම ඇවරිවත්ත ප්‍රදේශයේ සැක කටයුතු නිවසක තිබී මත්ද්‍රව්‍ය තොගයක් සහ ටී පනස් හය සජීව පතරොම් 08ක් සොයාගෙන තිබෙනවා. කඳාන පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකායේ ද සහය ඇතිව මෙම නිවස පරීක්ෂා කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

එම නිවසේ තිබී ගංජා කිලෝග්‍රෑම් 15ක්, අයිස් ග්‍රෑම් 15ක් සහ කුෂ් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් ද සොයා ගැණුනා. අදාළ නිවස මීට මාස 03කට පමණ පෙර අඹු සැමි යුවලක් විසින් කුළි පදනම ලබාගෙන ඇති අතර මේ වනවිට ඔවුන් එම නිවස අතහැර ගොස් ඇති බවයි වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.