Wednesday, May 15, 2024

General line - 0115112241

ඉරිදා ප‍්‍රහාරයේ සැකකරුවන් ගැන අගමැති විදෙස් මාධ්‍යයට කතා කරයි

තරංග රුක්ෂාන් ජයසේකර




අයි එස් සංවිධානයට සම්බන්ධවීම සදහා 2016 දී සිරියාවට ගොස් යළි මෙරටට පැමිණි ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් ඉකුත් ඉරිදා ප‍්‍රහාරයේ සැකකරුවන් අතර සිටින බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

ඒ, විදෙස් මාධ්‍යවේදීන් සමග පැවති සාකච්ඡාවකදීයි. එහිදී අග‍්‍රාමාත්‍යවරයා පැවසුවේ ශ‍්‍රී ලංකාවේ සිදු වූ ප‍්‍රහාරයට ජාත්‍යන්තර සබදතා ඇති බවයි. ඇතැම් සැකකරුවන් පුපුරණ ද්‍රව්‍ය සමග පලාගොස් ඇති බවද ඔහු ප‍්‍රකාශ කර තිබෙනවා.

ඔවුන් සැගවී සිටින නිවෙස් සොයා අඛණ්ඩ විමර්ශන සිදු කරන බවද අග‍්‍රාමාත්‍යවරයා එහිදී ප‍්‍රකාශ කළා. 

මේ අතර මෙරට සිදු වූ පිපිරීම් මාලාව සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සදහා අමෙරිකාවේ එෆ් බී අයි සහය ලබාදෙන බව මෙරට අමෙරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් පවසනවා.

ඒ, විදෙස් මාධ්‍යයක් සමග පැවති සාකච්ඡාවකදීයි. එහිදී අදාළ ප‍්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකානු බුද්ධි අංශ තොරතුරු ලබාදුන් බවට කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා කළ ප‍්‍රකාශය මෙරට අමෙරිකානු තානාපතිනිය ප‍්‍රතික්ෂේප කළා.