Wednesday, May 15, 2024

General line - 0115112241

බෝම්බ ප‍්‍රහාරයෙන් රටවල් 13ක විදේශිකයින් මියගොස් ඇතැයි තහවුරු වෙයි

තරංග රුක්ෂාන් ජයසේකර




දේවස්ථාන සහ හෝටල් කිහිපයක් ඉලක්ක කර ඉකුත් ඉරිදා එල්ල වූ ප‍්‍රහාරයෙන් රටවල් 13කට අයත් විදේශිකයින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි තහවුරු වී තිබෙනවා.

එම රටවල් වන්නේ බංග්ලාදේශය, චීනය, ඉන්දියාව, ඩෙන්මාර්කය, ජපානය, නෙදර්ලන්තය, පෘතුගාලය, සෞදි අරාබිය, ස්පාඤ්ඤය, තුර්කිය, බි‍්‍රතාන්‍ය, අමෙරිකාව සහ  ඕස්ටේ‍්‍රලියාවයි. ප‍්‍රහාරයෙන් වැඩිම පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 11ක්.

බි‍්‍රතාන්‍ය ජාතිකයින් 06 දෙනෙකු ද ප‍්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වුණා.

පොලිිසියේ දත්තවලට අනුව විදේශිකයින් 39 දෙනෙකු ප‍්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ත

වත් 12 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බව විදේශ කටයුතු අමාත්‍යංශය අද තහවුරු කළා.