Thursday, May 16, 2024

General line - 0115112241

ජනපතිගේ පැය 24 අවසන් - ආරක්ෂක ප‍්‍රධානීන්ගේ කිසිදු වෙනසක් නැහැ 

හේමන්ත කහවලගේ/සජිත් තිලකරත්න




ඉහළපෙලේ ආරක්ෂක නිලධාරීන්ගේ වෙනසක් සිදු කරන බවට ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර පැය 24ක් ගත වුවද මේ දක්වා කිසිදු වෙනසක් සිදු වී නැහැ.

පෙරේදා රාත‍්‍රියේ ජාතිය අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ ඉදිරි පැය 24 තුළ රටේ ආරක්ෂක අංශවල ප‍්‍රධානීන්ගේ වෙනසක් කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි. 

ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට සිය ධුරවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා ඊයේ (24) දන්වා තිබුණා. එහෙත් ඔවුන් දෙදෙනාගේ ද ඉල්ලා අස්වීමක් පිළිබඳ මේ වනතෙක් නිල වශයෙන් කිසිදු තොරතුරක් වාර්තා වන්නේ නැහැ. 

මේ අතර කැබිනට් නොවන අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා නෙත් නිවුස් වෙත පැවසුවේ අනුරාධපුරයේ දේවස්ථානයකට එල්ල වූ පහරදීමකින් පසු දේවස්ථානවල ආරක්ෂාව දැඩි කරන්නැයි තමන්ද පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබූ බවයි.  ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා වහාම එම ධුරවලින් ඉවත් කර වහාම පරීක්ෂණයක් සිදු කළ යුතු බවද ඔහු කියා සිටියා.