Wednesday, May 15, 2024

General line - 0115112241

'වහබ්වාදීන්' ඇතැම් රාජ්‍ය ආයතන තුළත්

හේමන්ත කහවලගේ/ප්‍රගීත් ජානක




අන්තවාදී ඉස්ලාමීය වහබ්වාදීන් ශ‍්‍රී ලංකාවේ ඇතැම් රාජ්‍ය ආයතන තුළ ද සිටින බව ඉන්දියාව දිගින් දිගටම අනාවරණ කර ඇතැයි වාර්තා වනවා.

ඉන්දියන් එක්ස්ප‍්‍රස් පුවත් සේවාව ඒ පිළිබඳ පළමුව අනාවරණ කර ඇත්තේ 2010 වසරේ සැප්තැම්බර් මාසයේදී බවයි පැවසෙන්නේ. එමගින් ඔවුන් දක්වා ඇත්තේ වහබ්වාදී ධර්මය මෙරට තුළ ව්‍යාප්ත කිරීම ඔවුන්ගේ අරමුණ බවයි. 

වහබ්වාදයේ දී සෙසු ආගමික කණ්ඩායම් වැරදි ලෙස සැලකීම හා පිළි නොගැනීම, මානව අයිතිවාසිකම් ගරු නොකිරීම, සෙසු සංස්කෘතීන් පිළි නොගැනීම ද සිදු කරන බව සඳහන් වනවා. අල්කයිඩා, තලෙයිබාන්, අයි. එස්. අයි. එස්. සහ මැදිපෙරදිග සටන් වදින අන්තවාදීන් මෙම වහබ්වාදයේ අන්ධ භක්තිකයික් බවද සඳහන්. 

වහබ්වාදය ලොවපුරා ප‍්‍රචාරය කිරීම සඳහා වසරකට අමෙරිකානු ඩොලර් බිලියන 87ක පමණ මුදලක් වැය කරන බවටද තොරතුරු පවතිනවා. මෙම අන්තවාදය ප‍්‍රචලිත කරන්නන් මෙරට දිළිඳු මුස්ලිම් ජනතාවට මූල්‍යමය ආධාර සිදු කර ඇති අතර තරුණයින්ට ශිෂ්‍යත්ව පවා ලබාදී ඇති බවටයි පැවසෙන්නේ.

ඒ, ඇතැම් විදෙස් රටවල ආගමික ආයතනවල අධ්‍යාපනය ලබා වහබ්වාදය ලොව පුරා ප‍්‍රචාරය කිරීමටයි. මුස්ලිම් ජනතාවට මුදල් ලබාදී ඇත්තේ ඔවුන්ට ස්ථීර නිවසක් ලබා ගැනීමට වන අතර ජන සමූහයක් ගොඩනගා ඒ හරහා කුඩා වශයෙන් හෝ පල්ලි නිර්මාණය කිරීම ඔවුන්ගේ අරමුණයි. 

ශ‍්‍රී ලංකාවේ වහබ්වාදය ඉන්දියාවට ද තර්ජනයක් වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය මීට වසර 09කට පෙර සිට අනාවරණ කර තිබුණා. 2010 වසරේදී ඔවුන් නිකුත් කළ පළමු වාර්තාවට අනුව 2025 වනවිට වහබ්වාදය වඩාත් දරුණු ලෙස පැතිර යනු ඇති බවද පෙන්වා දී තිබෙනවා. 

මේ අතර අන්තවාදීන් සිදු කරන ක‍්‍රියා සම්බන්ධයෙන් පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන් ද ඊයේ (24) විශේෂ අනාවරණයක් සිදු කළා. 

එහිදී කියා සිටියේ "අද නැගෙනහිර ශරියා විශ්ව විද්‍යාලයක් ආරම්භ කරලා තියෙනවා. ඒ විශ්ව විද්‍යාලවල උපදෙස් දෙන්නේ ඔක්කෝම විදේශිකයෝ. අපි නොදන්නා විෂයන් සහ අපි නොදන්නා කරුණු ගැන. අවසානයේ අපි දන්නා දේ තමයි මොළ සෝදනවා.. " යනුවෙනි.