Thursday, May 16, 2024

General line - 0115112241

කටුනායක ගුවන් තොටුපළේ කටයුතු යළි සාමාන්‍ය තත්ත්වයට (UPDATE)




කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ මේ වන විට සාමාන්‍ය තත්ත්වයක් යටතේ කටයුතු සිදුවෙන බව වාර්තා වෙනවා.

සැක කටයුතු මෝටර් රථයක් ආරක්ෂක අංශ පරීක්ෂා කිරීමට යෑමේදී ඇති වූ නොසන්සුන්තාවයක් හේතුවෙන් යම් කලබලකාරී තත්ත්වයක් ඇති වී තිබුණා.

ඒ අදාළ වාහනය පරීක්ෂා කිරීමේදී ඇති වූ බහින්බස්වීමක් හේතු කොටගෙනයි.

---------------------------

කටුනායක ගුවන් තොටුපළේ ඇතුල්වීමේ සහ පිටවීමේ දොරටු වසා විශේෂ සෝදිසියක්

(25-04-2019 11:00)

 

කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

සැක කටයුතු මෝටර් රථයක් හේතුවෙන් මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති අතර කටුනායක ගුවන් තොටුපළේ ඇතුල්වීමේ සහ පිටවීමේ දොරටු වසා මෙම සෝදිසි මෙහෙයුම් සිදු කෙරෙනවා.