Thursday, May 16, 2024

General line - 0115112241

වරකාපොල සැක කටයුතු වෑන් රථ සිද්ධියට අත්අඩංගුවට ගත් මවුලවි දින 02ක් රදවාගෙන ප‍්‍රශ්න කරයි

හේමන්ත කහවලගේ/ තරංග රුක්ෂාන්




වරකාපොල ප‍්‍රදේශයේ දී සැක කටයුතු වෑන් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු හෙම්මාතගම ප‍්‍රදේශයේ මව්ලවිවරයා දින 02ක් රදවා ගෙන ප‍්‍රශ්න කරන බව පොලිසිය පැවසුවා.

විමසිල්ලෙන් සිටින ලෙසට ප‍්‍රකාශ කෙරුණු මෙම වෑන් රථය සොයා ගත්තේ ඊයේ දිනයේයි.

සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර පුද්ගලයින් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගැණුනා.

අත්අඩංගුවට ගත් සැකකාර මව්ලවිවරයා සති 02ක කාලයක් කුලී පදනම මත මෙම වෑන් රථය වෙන්කර ගෙන තිබූ බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඩුබායි සිට පැමිණි පිරිසක් මෙම වෑන් රථයෙන් කාත්තන්කුඩි, මීගමුව, හලාවත, මහනුවර වැනි දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක සංචාරය කර ඉකුත් 20 හෝ 21 යන දිනයක දී දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා.