Thursday, May 16, 2024

General line - 0115112241

ත්‍රස්ත ප්‍රහාරයක අවධානමක් ගැන අමෙරිකාවෙන් යළි දැනුවත් කිරිමක්

දිනුක් හේවාවිතාරණ




ශ්‍රි ලංකාව තුළ ත්‍රස්ත ප්‍රහාර එල්ල විමේ අවධානමක් සම්බන්ධයෙන් මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය මෙරට සංචාරය කරන තම පුරවැසියන්ට ඊයේ (25) රත්‍රියේදි අනතුරු ඇගවිමේ නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිනවා.

එම නිවේදනයට අනුව පුර්ව අනතුරු ඇගවිමකින් හෝ ඇගවිමකින් තොරව මෙම ත්‍රස්ත ප්‍රහාරයන් එල්ල විමේ අවධානමක් මතුව ඇති බැවින් සිය පුරවැසියන් හට අවධානයෙන් පසුවන්නැයි දැනුම් දි තිබෙනවා.

ඒ අනුව සංචාරකයින් ගැවසෙන ස්ථාන, බස් හා දුම්රිය ස්ථානයන්, වෙළදපලවල්, සාප්පු සංකිර්ණ, රජයේ ස්ථානයන්, හෝටල්, සමාජ ශාලා වැනි ස්ථාන, උද්‍යානයන්, දේවස්ථාන, සංස්කෘතික සංදර්ශන පැවැත්වෙන ස්ථාන, ගුවන් තොටුපළවල්, රෝහල්, අධ්‍යාපන ආයතන ඇතුළු මහජනයා ගැවසෙන ස්ථාන හැකි තරම් මග හැර සිටින ලෙස තානාපති කාර්යාලය මගින් සිය අමෙරිකානු පුරවැසියන්ට දැනුම් දි ඇත.