Thursday, May 16, 2024

General line - 0115112241

සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුගේ ඥාතියෙක් අත්අඩංගුවට - සේවය කර ඇත්තේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේමයි

හේමන්ත කහවලගේ




ඉකුත් පාස්කු ඉරිදා දිනයේදී කොළඹ සිනමන්ඞ් ග‍්‍රෑන්ඞ් හෝටලයේ පිපිරවීම සිදු කළ මරාගෙන මැරෙන බෝම්බ්කරුගේ ඥාතියෙකු මහනුවර ගලහ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

මෙම පුද්ගලයා සිනමන්ඞ් ග‍්‍රෑන්ඞ් හෝටලයේ ආරක්ෂක අංශයේ සේවය කරන්නෙකු බවද පැවසෙන අතර ඔහුව සිනමන්ඩ් ග්‍රෑන්ඩ් හෝටලයේ ආරක්ෂක අංශයට යොමු කර ඇත්තේ ආරක්ෂක නිලධාරීන් සපයන පුද්ගලික ආයතනයක් මගින්. සිනමන්ඩ් ග්‍රෑන්ඩ් හෝටලයේ ආරක්ෂක අංශය භර වී ඇත්තේ අදාළ පුද්ගලික සමාගමට බවයි වැඩි දුරටත් වාර්තා වුණේ. .

ඔහු ළග තිබී ජංගම දුරකතන 150ක්ද, සොයා ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.