Wednesday, May 15, 2024

General line - 0115112241

ජයන්ත ජයසූරීය අගවිනිසුරු කිරීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය




නව අගවිනිසුරු ලෙස නීතිපති ජයන්ත ජයසූරිය පත් කිරීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබා දී තිබෙනවා. 

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව මෙම අනුමැතිය ලබා දී ඇත්තේ අගවිනිසුරුධුරය සඳහා පත් කිරීමට ජනාධිපතිවරයා කළ නිර්දේශ සලකා බලමින්. අගවිනිසුරුධූරය සඳහා ජනාධිපතිවරයා විසින් නාම යෝජනා 03ක් ඉදිරිපත් කර තිබුණා. 

සෙසු නාම යෝජනා වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මලල්ගොඩ හා සිසිර ද ආබෲයි. 

මේ අතර විගණකාධිපතිධූරය සඳහා අතිරේක විගණකාධිපති චූලන්ත වික‍්‍රමරත්න පත් කිරීමට ද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව අද අනුමැතිය ලබා දුන්නා.