Thursday, May 16, 2024

General line - 0115112241

නැගෙනහිර මුහුදේ ධීවර කටයුතු වලින් ඉවත්වන ලෙස ධීවරයන්ට දැනුම් දීමක්




හම්බන්තොට සිට යාපනය දක්වා නැගෙනහිර මුහුදු කළාපයේ ධීවර කටයුතු වලින් වලකින ලෙස ධීවර දෙපාර්තමේන්තුව ධීවරයන්ගෙන් ඉල්ලීමක් කරනවා. බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදේ ගිනිකොන දෙසින් අඩු පීඩන කළාපයක් වර්ධනය වී ඇති බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒ පිළිබඳ අධි සංඛ්‍යාත පණිවිඩ  හුවමාරු යන්ත්‍ර මගින් දැනුවත් කර නැනෙහිර මුහුදේ ධීවර යාත්‍රා ඉවත්කර ඇති බවද ධීවර දෙපාර්තමේන්තුව පැවසුවා.