Thursday, May 16, 2024

General line - 0115112241

දිවයිනේ සෑම පළාතකටම විශේෂ මෙහෙයුම් මැදිරියක්




පොලිස්පති පුජිත ජයසුනදරගේ නියෝග මත දිවයින් සෑම පළාතකටම අදාළ විශේෂ මෙහෙයුම් මැදිරිය බැගින් ස්ථාපිත කිරීමට මේ වන විට කටයුතු යොදා ඇත.

ඉතා හදිසි අවස්ථාවකදී ප්‍රදේශයේ මහ ජනතාවට තම ප්‍රදේශයට අදාළ ආරක්ෂාවට සම්බන්ධ තොරතුරු මෙම විශේෂ මෙහෙයුම් මැදිරි ඔස්සේ ලබා ගැනීමට සහ ආරක්ෂාවට සම්බන්ධ තොරතුරු ඇත්නම් ඒවා මෙම මෙහෙයුම් මැදිරි වෙත ලබා දීමට හැකි බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මෙම විශේෂ මෙහෙයුම් මැදිරි අදාළ පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ගේ අධීක්ෂණය යටතේ පිහිටුවා තිබේ.