Wednesday, May 15, 2024

General line - 0115112241

රජයෙන් බලාපොරොත්තු වූ දේ ඉටු නොවුනාදැයි හැඟෙන බව කාදිනල් හිමිපාණන් කියයි

කසුන් කැලුම්




රජයෙන් බලාපොරොත්තු වූ දේ ඉටු නොවුනාදැයි හැගෙන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. කොළඹදී විදෙස් මාධ්‍ය අමතමින් උන්වහන්සේ කියා සිටියේ මෙය යම් කිසි තරමක පාවාදීමක් බවයි.

පාස්කු ඉරිදා එල්ල වූ එම ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බලධාරීන් දැනුවත්ව සිටිය ද, එය නොසලකා හැරීම කණගාටුවට කරුණක් බවයි කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙහිදී පවසා ඇත්තේ. මෙය ආරක්ෂක අංශවල බරපතල දුර්වලතාවක් බවද උන්වහන්සේ විදෙස් මාධ්‍ය හමුවේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.