Wednesday, May 15, 2024

General line - 0115112241

එළවළු කිලෝව රුපියල් 30ටත් අලෙවි කරන්න බැරිවෙයි - මාළු වෙළඳාමටත් බලපෑම්

කසුන් කැළුම්/ ලහිරු කපුගේ




රටේ පවතිව ආරක්ෂක තත්වයත් සමග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සහ පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළද සංකීර්ණයේ කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආ එළවළු තොග විශාල ප‍්‍රමාණයක් අලෙවි කර ගැනීමට නොහැකි වී ඇති බවයි ගොවීන් පවසන්නේ. පවතින ආරක්ෂක තත්ත්වය හමුවේ එළවළු තොග මිලදී ගැනීමට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත දුරබැහැර ප‍්‍රදේශවලින් පැමිණෙන වෙළෙදුන්ගේ සීග‍්‍ර අඩුවීමක් දක්නට ලැබෙන බවයි එම ගොවින් පවසන්නේ.

ගොවීන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත ගෙන ආ එළවළු තොග මිල ද අඩුවී ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. මාලූමිරිස්, වම්බටු, මෑ කරල්, අමුමිරිස්, ලීක්ස් හා කැරට් ආදී එළවළු කිලෝවක් රුපියල් 10 සිට රුපියල් 30 දක්වා වූ තොග මිල ගණන් යටතේ අලෙවි කිරීමට තමන් සූදානම් වුවද, එම මිලට හෝ එළවළු තොග මිලදී ගැනීමට වෙළඳුන් නොමැති බව ද ගොවීන් සඳහන් කළා.

ඊයේ (27) අලූයම වනවිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත එලවළු කිලෝ ලක්ෂ 10කට ආසන්න ප‍්‍රමාණයක් ලැබී තිබෙන බවයි ව්‍යාපාරිකයින් පවසන්නේ.  

මේ අතර කොළඹ මැනින් වෙළඳපලේ ද මෙවැනි තත්ත්වයක් පවතින බව  එම වෙළඳුන් සඳහන් කළා. පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ මත්ස්‍ය වෙළඳුන් ද පවතින තත්ත්වය හමුවේ දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටිනවා. 

මීගමුව ඇතුළු ප‍්‍රදේශ රැසකින් පැමිණෙන මත්ස්‍ය තොගවල අඩුවීමක් මේ දිනවල දක්නට ලැබෙන බවයි එම වෙළඳුන් පෙන්වා දෙන්නේ. පවතින ආරක්ෂක තත්ත්වය හමුවේ පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට පැමිණෙන පාරිභෝගිකයන්ගේ ද අඩුවක් දක්නට ලැබෙන බව එම වෙළඳුන් ප‍්‍රකාශ කළා.