Friday, May 3, 2024

General line - 0115112241

ආරක්ෂාවත් තහවුරු කර රටක ඉදිරි කටයුතු ස්ථාවරව ගෙන යාමට නම් බුද්ධි අංශ නිළධාරීන්ගේ සේවය අත්‍යාවශ්‍යයයි - බුද්ධි තොරතුරු විශ්ලේෂක ආචාර්ය අජිත් රෝහණ කොළොන්නේ




රටක් ස්ථාවරව ඉදිරියට යාමට නම් බුද්ධි අංශ නිළධාරීන්ගේ සේවය අත්‍යාවශ්‍ය බව රාජ්‍ය බුද්ධි සේවයේ පර්යේෂණ අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ බුද්ධි තොරතුරු විශ්ලේෂක ආචාර්ය අජිත් රෝහණ කොළොන්නේ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මුරකපොළු සහ පරීක්ෂා කිරීම් වැනි දෛනික කටයුතු වලට නිළ ඇදුමින් සැරසුණු නිළධාරීන් වැඩි පිරිසක් යෙදවීම තුළින් එදිනෙදා කටයුතු සිදුකරන ජනතාව තුළ අනියත බියක් ඇතිවිය හැකි බවයි.

එහෙත් සිවිල් ඇදුමින් සැරසුණු සැරසුණු බුද්ධි අංශ නිළධාරීන් වැඩි පිරිසක් යෙදවීම තුළින් එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන අතර ආරක්ෂාව ද තහවරු කිරීමට ද හැකි බව ඔහු සදහන් කළා.

විශේෂයෙන්ම ගුවන් තොටුපළ වැනි විදේශිකයන් නිතර ගැවසෙන එවැනි ස්ථාන වල නිළ ඇදුමින් සැරසුණු නිළධාරීන් විශාල පිරිසක් යෙදවීම තුළින් රට තුළට පැමිණෙන ආගන්තුකයන්ට එක් වරම යම් විශේෂත්වයක් දැනෙන්ට හැකි බව ඔහු සදහන් කළා.

එහෙත් එවැනි ස්ථාන වලට සිවිල් ඇදුමින් සැරසුණු බුද්ධි නිළධාරීන් යෙදවීම තුළින් ආරක්ෂාව තහවුරු කිරීම මෙන්ම මෙහෙයුම් කටයුතුද කිසිදු විශේෂ අවධානයකින් තොරව සිදුකළ හැකි බව ආචාර්ය අජිත් රෝහණ කොළොන්නේ සදහන් කරන ලදි.

එහිදී "ත්‍රස්තවාදී සංවිධානයක ක්‍රියාකාරීත්වය පටන් ගත්ත අවස්ථාවේම  ඔවුන්ගේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන යම් අනාවැකි ප්‍රකාශ කරන එක යම් අසීරු කටයුත්තක්. ඔවුන්ව අධ්‍යනය කිරීම තුළිනුයි ඔවුන්ගේ අරමුණු අපි තේරුම් ගත යුත්තේ. ඒගොල්ලො අවසාන ඵලය වශයෙන් බලාපොරොත්තු වන්නේ මොකක්ද වගේ දේවල්. ශ්‍රී ලංකාවේ පළවෙනි වතාවට තමයි ස්ලාමීය මූලධර්මවාදය ආශ්‍රිතව ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදු වුණේ. රට එදා දවස වෙනකම් ඉතාම ස්ථාවරව පැවතිච්ච රටක්. තිබිච්ච තොරතුරු අනුව රජයට ඇත්තටම කරන්න තිබ්බේ නිල ඇඳුමින් සැරසිලා ඉන්නේ නැති බුද්ධි අංශ නිලධාරීන් සහ නිල ඇඳුමින් සැරසිලා ඉන්නේ නැති සාමාන්‍ය පොලිස් නිලධාරීන් ඒ වගේ අවදානමක් ඇති කියලා හිතපු තැන්වලට දාන එක." යනුවෙන් සඳහන් කළා. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය කෙරුණු නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහනට මෙතැනින් පිවිසිය හැකියි.