Friday, May 3, 2024

General line - 0115112241

වරාය නගර භූමිය, විශේෂ කලාපයක් ලෙස පවත්වාගෙන යාමට තීරණය කරයි

තරංග රුක්ෂාන් ජයසේකර




කොළඹ වරාය නගර භූමිය විශේෂ කලාපයක් ලෙස පවත්වාගෙන යාම සදහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව කොළඹ වරාය නගරය කොළඹ දිස්ත‍්‍රික්කයේ සහ බස්නාහිර පළාතේ පිහිටි රජයේ ඉඩමක් ලෙස ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කරනු ඇති.

එම කටයුතු ඇතුළු සෙසු කාර්යයන් ක‍්‍රියාත්මක කිරීම සදහා මෙම ප‍්‍රදේශය කළමනාකරණය කිරීම හා පවත්වාගෙන යාම සදහා අවශ්‍ය බලතල සහිත දේපළ කළමනාකරණ සමාගමක් ස්ථාපිත කිරීමටයි

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත්තේ. කොළඹ වරාය නගරය හරහා හෙක්ටයාර 269ක භූමියක්, ශ‍්‍රී ලංකාවේ භූමි ප‍්‍රමාණයට එක්වනවා.