Thursday, May 2, 2024

General line - 0115112241

වැලිගම කොක්මාදුව ප‍්‍රදේශයේ දමා ගොස් තිබූ බෑගයක තිබී තියුණු ආයුධ හමුවෙයි

හේමන්ත කහවලගේ/තරංග රුක්ෂාන් ජයසේකර




වැලිගම කොක්මාදුව කඩේවත්ත පාලම අසළ දමාගොස් තිබු බෑගයක තිබී කඩුවක් සහ තියුණු ආයුධයක් සොයාගෙන තිබෙනවා.

මෙම බෑගය තී‍්‍රරෝද රථයක ගමන් කළ කිසියම් හෝ පුද්ලයෙකු විසිකර ඇති බවයි මේ වනවිට සිදු කළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

ඒ පිළිබද තොරතුරු ලද වහාම අදාළ බෑගය සොයා කරන ලද පරීක්ෂාවක දී එහි තිබී මෙම තියුණු ආයුධ සොයා ගැණුනා.

ඒවා අයිති කාටදැයි මෙතෙක් සොයාගෙන නොමැති අතර මෙලෙස තියුණු ආයුධ රැුගෙන ගියේ කුමන අරමුණින්දැයි යන්න පිළිබදව ද මෙතෙක් අනාවරණ වී නැහැ.