Friday, May 3, 2024

General line - 0115112241

බදුල්ල බන්ධනාගාරය අසළින් රහසිගත භූගත කාමර 03ක් සොයා ගනියි

පාලිත ආරියවංශ/තරංග රුක්ෂාන් ජයසේකර




බදුල්ල බන්ධනාගාරය ආසන්නයේ ඉදිකර තිබු භූගත කාමර 03ක් සහිත ගොඩනැගිල්ලක් අද සොයාගනු ලැබුවා.

ඒ, බදුල්ල පොලිසිය සිදු කළ සෝදිසි මෙහෙයුමකදීයි.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ඉන් කාමර 02ක ඉදිකිරීම් අවසන් කර තිබූ අතර තවත් කාමරයක ඉදිකිරීම් සිදු කරමින් පැවති බවයි.

බදුල්ල නගර සභාවේ නිසි අවසරයකින් තොරව මෙය ඉදිකර ඇති බවද මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය තවදුරටත් පරීක්ෂණ සිදු කරනවා.