Thursday, May 2, 2024

General line - 0115112241

ප්‍රහාර ගැන විශේෂ මණ්ඩලයේ අතුරු වාර්තාවක් ජනපතිට




පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ අතුරු වාර්තාවක් ජනාධිපතිවරයා වෙත භාරදී තිබෙනවා. එහි සඳහන් කරුණු පිළිබඳ නීතිපතිවරයා සමඟ හෙට සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ. ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින සැමරුම වෙනුවෙන් කොළඹ පදනම් ආයතනයේ පැවති උත්සවය අමතමින්. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ අදාළ ඛේදවාචකය වළක්වා ගැනීමේ වගකීම පැහැර හැරි සියලුදෙනා වෙනුවෙන් ඉදිරියේදී නිසි පියවර ගන්නා බවයි. 

මේ අතර සියලු ආගමික ස්ථාන සහ පාසල්වල ආරක්‍ෂාව තහවුරු කිරීම සදහා අතිරේක නිලධාරීන් යොදවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්‍ෂක අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා. ත්‍රිවිධ හමුදාපතිවරුන්ට හා පොලිස්පතිවරයා වෙත ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. රට තුළ පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී තිබෙනවා.