Friday, May 3, 2024

General line - 0115112241

රටේ ආර්ථිකය සෝමාලියාවට තරම් කඩා වැටිලා - විපක්ෂ නායක

මහේෂ් චතුරංග / සමීර ගොඩපිටිය




ආණ්ඩුව විසින් ආර්ථිකය බිඳ හෙළා රට සෝමාලියාවටත් වඩා පහතට ඇද දමා ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මැයි දිනය වෙනුවෙන් කෝට්ටේ මහනගර සභා ශ්‍රවණාගාරයේ පැවති උත්සවයක දී විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා. 

රටේ ආර්ථිකය කඩා වැටිලා තියෙන වෙලාව, සෝමාලියාවට වඩා ආර්ථිකය වැටිලා. අවසන් මොහොතේ හරි ත්‍රිවිධ හමුදාව පරක්කුවෙලා හරි ඉදිරියට ඇවිල්ලා  මේ අය මර්ධනය කිරීමට කටයුතු කරමින් ඉන්නවා. පිටරටින් උපදෙස් ගත්තට කමක් නැහැ. ඔවුන්ට මේ භුමිය අල්ල ගන්න දෙන්න බැහැ. මේ ආණ්ඩුව කලේ එකම දෙයයි හරියට. ඒ තමයි වෙලාවට විදුලිය විසන්දි කරපු එකයි, මිල සුත්‍රය අනුව තෙල් මිල වැඩිකරපු එකයි. ඒ ඇරෙන්න කරපු දෙයක් නැහැ, විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර සිටියා.

මේ අතර මැයි දිනයේදී ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකය සහ පුරවැසි අයිතිවාසිකම් රැක ගැනීම වෙනුවෙන් සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බවයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මැයි දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේ.