Friday, May 3, 2024

General line - 0115112241

ගෑස්පහ හන්දියේ සැක සහිත පාර්සලයක් ආරක්ෂිතව පුපුරුවා හැරේ

හේමන්ත කහවලගේ / පාලිත ආරියවංශ - බදුල්ල




කොළඹ ගෑස්පහ හන්දියේ යතුරු පැදියක් මත තිබූ සැක සහිත පාර්සලයක් යුද හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් ආරක්ෂිත පුපුරුවා හැරුණා. මෙම පාර්සලයේ තිබී ඇත්තේ රේඩියෝවක් බවයි විමර්ශන වලින් හෙළි වුණේ.

මේ අතර බදුල්ල අඹගස්දෝව ලද්දුම මුදනාව ගම්මානයේ කැළෑ රොදක සගවා තිබූ කඩුවක් සහ පිහි 15 ක් පොලීසිය කළ සෝදිසියකදී සොයාගෙන තිබෙනවා. අබ්දුල්ලා නැමති පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.