Friday, May 3, 2024

General line - 0115112241

වෙසක් පොහොය වෙනුවෙන් බාහිර සැණකෙළි හා උත්සව වලින් වැලකී සිටින්න : ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් ජනතාවගෙන් ඉල්ලයි




මෙවර වෙසක් පොහොය ජනතාව ඒකරාශි කරන බාහිර සැණකෙළි හා උත්සව වලින් වැලකී අධ්‍යාත්මික සුපෝෂණයට ප්‍රමුඛත්වය ලබා දෙමින් සමරන්නැයි ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් සියලු ශ්‍රි ලාංකික බෞද්ධයන්ගෙන් ඉල්ලීමක් කරනවා. වෙසක් පොහොය නිමිත්තෙන් සිදුකරන පුණ්‍ය ක්‍රියා ආරක්ෂක අංශවල උපදෙස් මත පමණක් සංවිධාන කරන ලෙසයි උන්වහන්සේ වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ. බෞද්ධ සිද්ධස්ථානයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් බවද මෙමගින් සිහිපත් කර තිබෙනවා.

ව්‍යසනකාරී තත්වයෙන් රට මුදා ගැනීමට සියලු දේශපාලන නායකයින් බේද පසෙකලා කටයුතු කළ යුතු බවයි ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන් පවසන්නේ. දානය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව සහ සමානාත්මතාව යන සතර සංග්‍රහ වස්තූන් මත පිහිටා රාජ්‍ය පාලනය ගෙන යායතු බව ද උන්වහන්සේ අවධාරණය කරනවා.