Friday, May 3, 2024

General line - 0115112241

මීගමුවේ සියලුම නිවාස හොදින් සෝදිසි කරන්න -අගරදගුරු හිමිපාණන් ඉල්ලයි

මහේෂ් චතුරංග




මීගමුව ප්‍රදේශයේ සියලු නිවාස වඩා හොඳින් සෝදිසියකට ලක් කරන්නැයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලීමක් කරනවා. එසේ කිරීමෙන් ඊයේ ඇති වූ ආකාරයේ නොසන්සුන්තා නැවත ඇති වීම වළක්වා ගතහැකි බවයි කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ පෙන්වා දුන්නේ. 

ජන කණ්ඩායම් අතර සාමය සහ සුහඳතාව ඇති කරන සංවිධාන ශක්තිමත් කළයුතු බවද මෙහිදි ප්‍රකාශ කෙරුණා. මීගමුව හා ආශ්‍රිත ප්‍රදේශවල සියලු මත්පැන් අලෙවි සැල් තාවකාලිකව වසා තැබීමට ද කටයුතු කරන ලෙයසි කාදිනල් හිමිපාණන් රජයෙන් ඉල්ලා සිටියේ.