Thursday, May 16, 2024

General line - 0115112241

ඉරිදා දේව මෙහෙය පැවැත්වීමට හැකිවෙනු ඇති බව රදගුරු මණ්ඩලය කියයි

ජූඩ් සමන්ත/හර්ෂිකා සංජීවනී




එළඹෙන ඉරිදා (12) දේව මෙහෙයන් පැවැත්වීමට හැකිවෙනු ඇති බව රදගුරු මණ්ඩලය පෙන්වා දෙනවා. 

මේ අතර ත‍්‍රස්ත ප‍්‍රහාරවලට බියවී වෙසක් උත්සවය අත්හිටුවීම හෝ අනෙකුත් දෛනික කටයුතු ප‍්‍රමාද කිරීම සුදුසු නොවන බව අමාත්‍ය සාගල රත්නායක පවසනවා.

අමාත්‍යවරයා කියාසිටියේ දරුණු එල්. ටී. ටී. ඊ. සටන් පැවති යුගයේ පවා වෙසක් සැමරීම සිදුකළ බවයි. ඔහු මෙම අදහස් පළ කළේ මාතර ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු ද ප‍්‍රකාශ කළේ ජනාධිපතිවරයා හා අග‍්‍රාමාත්‍යවරයා මෙන්ම ආරක්‍ෂක ප‍්‍රධානීන්ද මේ වනවිට මෙරට ආරක්‍ෂාව පිළිබද සහතිකයක් ලබාදී ඇති බවයි.

කෙසේවෙතත් ආණ්ඩුව පිළිබද විශ්වාසයක් නොමැතිකම හේතුවෙන් ජනතාව තවදුරටත් බියෙන් සහ සැකයෙන් ජීවත් වන බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ පැවසුවේ.

නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයා මෙම අදහස් පළ කළේ මාදම්පේ ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.