Thursday, May 16, 2024

General line - 0115112241

හමුවූ කඩු සදහා දඩය රුපියල් 50යි - පාර්ලිමේන්තුවේදී හෙලිවෙයි.




ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මහජනතාවට විශ්වාසය තහවුරු කිරීමට ආණ්ඩුව තවමත් අපොහොසත් වී ඇතැයි පාර්ලිමේන්තුවේදී අදත් චෝදනා ඉදිරිපත් වුණා. මේ පිළිබඳ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන පැවසුවේ මහජනතාවට විශ්වාසය තහවුරු කිරීමට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර එම ධූරයෙන් ස්ථීරව ඉවත් කිරීමට පියවර ගතයුතු බවයි. 

ඒ සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ආ යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

එළබෙන වෙසක් උත්සවය සම්බන්ධයෙන් ආණ්ඩුව ලබාදෙන සහතිකය පිළිබඳවද මෙහිදී ප‍්‍රශ්න කෙරුණා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේශ් ගුණවර්ධන මෙම ප‍්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුව ඇමතුවා.

කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ශ ද සිල්වාද පාර්ලිමේන්තුව අමතමින් අද අදහස් දැක්වුවා. ඒ මුස්ලිම් පල්ලිවලින් සහ නිවෙස් වලින් හමු වු කඩු සහ වෙනත් තියුණු ආයුධ සම්බන්ධයෙන්ද සිහිපත් කරමින්.