Thursday, May 16, 2024

General line - 0115112241

අයි. ඕ. සී තෙල් මිලත් ඉහළට

සමන්ත කුමාර




ඉන්ධන මිළ සූත‍්‍රයට අනුව ඊයේ (10) සිදු කෙරුණු මිල සංශෝධනය පදනම් කර ගනිමින් ලංකා අයි. ඕ. සී සමාගමද පෙට‍්‍රල් හා ඩීසල් මිල ගණන් ඉහළ දමා තිබෙනවා. 

එම සමාගම ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 3 කින්. ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් වැඩි කළ බවයි අයි. ඕ. සී සමාගම පැවසුවේ. 

සුපර් ඩීසල් ලීටරයක මිලද රුපියල් දෙකකින් වැඩි කර තිබෙනවා. කෙසේ වෙතත් ඔටෝ ඩීසල් මිල වෙනස් නොවන බවයි අයි. ඕ. සී සමාගම පැවසුවේ.