Friday, May 17, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට පැමිණි පලස්තීන ජාතිකයෙක් පිටුවහල් කෙරේ

ටී.කේ.ජී කපිල - කටුනායක




මෙරටට පැමිණි පලස්තීන ජාතිකයෙකු පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපොල ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබෙනවා. 

එලෙස පිහිටුවහල් කර ඇත්තේ 26 හැවිරිදි පලස්තීන ජාතිකයෙක්. ඔහු ඉන්දියාවේ උසස් අධ්‍යාපනය හදාරණ අයෙකු වන අතර බැංගලෝරයේ සිට කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණ ඇත්තේ තාවකාලික ගුවන් බලපත‍්‍රයක් යටතේයි. 

ශී‍්‍ර ලංකාවට කුමන හේතුවක් නිසා පැමිණෙන්නේ දැයි ආගමන විගමන නිලධාරීන් විමසූ අවස්ථාවේ ඊට නිසි පිළිතුරක් ලබාදීමට ඔහු අපොහොසත් වී තිබෙනවා. මෙරට සංචාරය කිරීමට අපේක්‍ෂිත ප‍්‍රදේශ හෝ නවාතැන් ගැනීමට සූදානම් හෝටල් පිළිබදවද ඔහු නිශ්චිත තොරතුරු ලබාදී නැහැ. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පලස්තීන තානාපතිවරයාද කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණ තිබෙනවා. 

කෙසේ වෙතත් පවතින වාතාවරණය සහ ජාතික ආරක්‍ෂාව පිළිබද කරුණු සලකා බලා එම පුද්ගලයා ඉන්දියාව වෙත පිටුවහල් කර තිබේ,