Friday, May 17, 2024

General line - 0115112241

අගමැති රනිල් වතුකරයේ සංචාරයක (PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




ශ්‍රී පාද නල්ලතන්නිය පුජා නගරයක් සහ සංචාරක කලාපයක් බවට පත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කර සිටිනවා. අගමැතිවරයා මේ බව සදහන් කර සිටියේ නල්ලතන්නිය සහ මස්කෙළිය ව්‍යාපාරික ප්‍රජාවගේ ගැටළු සම්බන්ධයෙන් නල්ලතන්නිය වයිට් එලිෆන්ට් හෝටලේ අද (11) පැවති සාකච්ජාවෙන් අනතුරුව පැවති රැස්වීමක් අමතමින්ය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා  කියා සිටියේ නල්ලතන්නිය වෙළද ව්‍යාපාරිකයින්ගේ ඉඩම් වල හිමිකම් ඔප්පු නොලැබිම සම්බන්ධයෙන් අදාල විෂයභාර අමාත්‍යවරයා සමග සාකච්ඡා කර කඩිනමින් විසදුමක් ලබාදෙන බවයි.

නුවරඑලිය සංචාරක කලාපයට අමතරව බගවන්තලාව, නල්ලතන්නිය සහ නෝටන්බ්‍රිජ් යන නගරද  සංචාරක කලාප බවට පත් කිරිමට අවශ්‍ය කටයුතු කරන බවයි අගමැතිවරයා කියා සිටියේ.

පාස්කු ඉරුදින සිදුකල ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මෙරටට විදේශීය සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක් ඇති බවත් මේ වසරේ අගෝස්තු මස වන විට යලිත් මේ රටට විදේශීය සංචාරකයින් ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි අගමැතිවරයා කියා සිටියේ.

මෙම ව්‍යාපාරික හමුවට ප්‍රථම අගමැතිවරයා මස්කෙළිය මාවුස්සාකැලේ සමන් දේවාලයේ පැවති විශේෂ ආශිර්වාද පුජාවකට සහභාගී වූ අතර මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන, නුවරඑලිය දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කේ.කේ.පියදාස ඇතුළු මස්කෙළිය සහනල්ලතන්නිය වෙළද ව්‍යාපාරිකයින් විශාල පිරිසක් සහභාගිවූ බව අප නෙත් නිව්ස් වාර්තාකරු සදහන් කර සිටියා.