Tuesday, May 7, 2024

General line - 0115112241

සමාජ වෙබ් අඩවි ඔස්සේ අසත්‍ය කරුණු රැසක් හුවමාරුවෙමින් තිබෙන බව ජනපති කියයි




සමාජ වෙබ් අඩවි තුළ අද වනවිට අසත්‍ය කරුණු රැසක් සංසරණය වෙමින් ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා පැවසුවේ තාක්ෂණය කිසි විටෙකත් මිනිසාගේ විනාශයට භාවිත නොකළ යුතු බවයි. 

සමාජය තුල තිබෙන යහපත්බව විනයගරුක බව මනුස්සකම ශීලාචාරකම හැදියාව ඒ සියල්ලම අධිතාක්ෂණය තුල සුරක්ෂිත විය යුතුයි. අද සමාජ වෙබ් අඩවි බැලුවොත් මොන තරම් අසත්‍ය දේවල් ජනතාව නොමග යවන සහ ශිලාචාරකමට එරෙහිව තිබෙන දේවල් හුවමාරුවෙමින් පවතිනවා. චරිත ඝාතනයන්, නින්දා අපහාස වලින් පිරුණු ක්‍රමයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබෙනවා. විශේෂයෙන් සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් තොරතුරු ගවේෂණය කරන දෙස් විදෙස් පුද්ගලයින් හෙළිකර ගෙන තිබෙනවා සමාජ වෙබ් අඩවී භාවිතා කරන්නන්ගෙන් විශේෂයෙන්ම දැන උගත් සමාජයෙන් පහළ අය නිර්මාණ කරනදේ වලින් සියයට 80ක්ම අසත්‍යයි කියලා. විශේෂයෙන්ම අන්තර් ජාලය තිබෙන ඒ විශිෂ්ඨත්වය දැනුමෙන් සපිරි උගතුන් බිහිකිරීමේ සමාජයක් බිහි කිරීම උදෙසා අප එය සුදුසු ලෙස සිදුකළ යුතුයි, කිසිවිටකත් තාක්ෂණය මිනිසා විනාශ කිරීමට භාවිතා නොකල යුතුයි.

නවීන තාක්ෂණය භාවිතය කළ යුත්තේ මිනිසාගේ ප්‍රගමනයට බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. 

පොළොන්නරුව දීප උයනේ ෆයිව් ජී සන්නිවේදන කුළුණ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.