Wednesday, May 15, 2024

General line - 0115112241

සවුදියේ ඉන්ධන නෞකා දෙකකට ප්‍රහාරයක්

තරංග රුක්ෂාන් ජයසේකර




සවුදි අරාබියට අයත් ඉන්ධන ප්‍රවාහන නෞකා දෙකකට අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙරළ ආසන්නයේදීයි. ප්‍රහාරයෙන් නෞකාවලට සැලකිය යුතු හානියක් සිදුව ඇති නමුත්, එල්ල වූයේ කුමන ආකාරයේ ප්‍රහාරයක් දැයි මේ දක්වා තහවුරු කර ගෙන නැහැ.

ඉරානය ද පවසන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කළ යුතු බවයි. අදාළ ප්‍රහාරය එල්ල වූ ප්‍රදේශය ආශ්‍රිත මුහුදු සීමාව තුළ අමෙරිකානු යුද නෞකා කිහිපයක්ද ස්ථාපිත කර තිබූ බවයි විදෙස් වාර්තා පැවසුවේ.